gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක්! තත්ත්වයේ බැරෑරුම්කම ගැන පී.එච්.අයි. සංගමයෙන් බරපතළ ප්‍රකාශයක්!

නිවැරදි දත්ත ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණද මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද හෙතෙම සදහන් කරයි.

වර්ථමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා…

“දැනට ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. දෛනිකව 2000කට ආසන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බවක් පේනවා නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නොවුණට.  මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලධාරීන් මෙන්ම ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතුයි අපි ඉන්න බැරෑරුම් තත්ත්වය ගැන. එසේ නොමැති වුනොත් ඉදිරියේදී දැනට අඩුවී තිබෙන කොවිඩ් ආසාදිත මරණ ගණන ඉහළ යන්න පුලුවන් සෞඛ්‍ය පද්ධතියේ දරා ගැනීමේ ශක්තිය ඉක්මවා ගියොත්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ලඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරන්න කියලත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka