gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : සුසිල්ව පැන්නුවේ ආණ්ඩුව ඇතුළේ අලුත් ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් කරපු බවට බුද්ධි අංශ වාර්තා කළ නිසාද?

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ අනාවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති ආකාරයක් දැනගන්නට තිබේ.

ඒ අනුව රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව සතුව විසඳුම් නොමැති වීම හේතු කොටගෙනත්, ආණ්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වීම හේතුකොට ගෙනත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් සිදුව ඇති බවට බුද්ධි අංශ වාර්තා කොට ඇති බවට සැකයක් මත මෙසේ සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කොට ඇති බව පැවසේ.

පසුගිය කාලසීමාව පුරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවත්, එහිදී අවුරුද්දක කාලයකට නව ප්‍රධානියකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා යම් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා වටයක් පැවැත්වී ඇති බවද වාර්තා කොට තිබේ.

එසේ අවුරුද්දක කාලයකට පිහිටුවාගනු ලබන අන්තර්වාර ආණ්ඩුවක් යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමටත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, අඩුපාඩු ඉවත් කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පණගැන්වීමටත් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

වසරක කාලයකින් පසු මහ මැතිවරණයකට යෑමටද එහිදී යෝජනා වී ඇති බවක්ද වාර්තා වේ.

මෙම ක්‍රියාවලියෙහි ප්‍රධාන මැදිහත්කරුවකු වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා හඳුනාගෙන තිබීම මෙසේ ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු පාදක වී ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka