gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීට රිටර්න් එකක් දෙන්න පසුපෙළ පොරයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව පැවති ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සටහන් වී ඇති තොරතුරු අධ්‍යයනය කර ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගතයුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වෙයි.

පසුගිය දා මාතලේ පැවැති ශ්‍රී ලනිප පාක්ෂිකයන්ගේ රැස්වීමකදී සිරිසේන හිටපු ජනාධිපතිවරයා රජයට ප්‍රහාරයක් එල්ල කරමින් කළ සැර කතාව ගැන රජයේ මැති ඇමතිවරුන් සාකච්ඡා කර තිබෙන අතර පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ඉහත යෝජනාව ඉදිරිපත් කරන්නට යන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. සිරිසේන මහතාට එරෙහිව කිසියම් පියවරක් නොගැනීම නිසා කාදිනල්තුමාගේ විරෝධය ප්‍රකාශ වීම ගැන ද මේ සාකච්ඡාවලදී සඳහන් වූ බව ද දැන ගන්නට තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ එම සැර කතාවෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එය විවේචනයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කර තිබූ අතර ඉකුත් 5 වන දා මහනුවරදී පැවති රැස්වීමකදී රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබුණේ, පොල්ල තියලා යන්න කලින් මෛත්‍රී එළවන්න කියායි.

ඉන්දියානු ඔත්තු සේවා මගින් දහදොදාළොස් වතාවක් දැනුම් දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුළ මරණයට පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී බව ද රාජ්‍ය ඇමති අමුණුගම ප්‍රකාශ කර තිබිණි.

මව්බිම 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka