අභාවයට ගිය දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිටපු සාමාජිකයින්ගේ හෝ හිතවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයේ සිටින ඊට අරමුදල් රැස් කිරීමට සම්බන්ධ යැයි කියනු ලබන ශ්‍රී ලාංකික කාන්තාවක පසුගියදා චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා චෙන්නායි හි ආගමන විගමන බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රාන්ත රහස් පොලිසිය වෙත භාර දුන් මෙම ශ්‍රී ලාංකිකයා, යුරෝපීය රටවලින් ක්‍රියාත්මක වන චූදිතයින් අක්‍රීය ගිණුම්වලින් විශාල මුදලක් උපයා ගැනීමට ක්‍රියාකාරීන් යෙදවූ ආකාරය හෙළි කළ බව ‘ද හින්දු’ පුවත් පවසයි.
ව්‍යාජ හැඳුනුම්පත්, ලේඛන යොදාගෙන චෙන්නායි ගුවන්තොටුපලිින් පියාසර කිරීමට සූදානම් වීමේදී ඇය මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය වන ශ්‍රී ලංකාවේ උපන් මේරි ෆ්‍රැන්සිස්කෝ 51 හැවිරිදි කාන්තාවකි.
ඇය වසර ගණනාවකට පෙර කැනඩාවට ගොස් එහි ස්ථිර පදිංචිකාරියක් වූවාය.
ඇය මුම්බායි වෙත ගුවන් යානයකට යාමට සූදානම්ව සිටියදී චෙන්නායි ගුවන් තොටුපළේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලියකියවිලි යොදා ලබාගත් ඉන්දීය විදේශ ගමන් බලපත‍්‍රයක් ද සමඟයි.
ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ වෙසෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකු හෝ හිතවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැංකු ගිණුම්වල හිමි නොවී තිබූ අතිවිශාල මුදල් ඉලක්ක කර ඒවා ගත් ආකාරය ඇය රාජ්‍ය බුද්ධි අංශයේ විමර්ශකයන්ට පවසා තිබේ.
ඉන්දියාව, කැනඩාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවලින් ක්‍රියාත්මක වන එල්ටීටී හිතවාදීන්ගේ ජාලයක කොටසක් වූ දෙදෙනා ව්‍යාජ ලියකියවිලි සමඟ නියෝජිතයන් යොදවා මුදල් ආපසු ගැනීමට පහසුකම් සපයයි.
එම මුදල් සමාගම් හෝ පුද්ගලයන්ගේ නම්වලින් ඉන්දියාවේ සහ විදේශයන්හි විවිධ බැංකු ගිණුම් වෙත මාරු කර එල්ටීටීය යළි පනගැන්වීමේ කටයුතු සඳහා යොදා ගන්නා බව ඇය උපුටා දක්වමින් ඉන්දීය පුවත් සඳහන් කරයි.
සැකකාරිය පැවසුවේ ඇය ලද උපදෙස් පරිදි මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ චෙන්නායි හි අන්නා නගර් හි කුලියට ගත් පරිශ්‍රයක පදිංචියට ගිය බවයි.
කුලී ගිවිසුම සහ ගෘහස්ථ LPG සම්බන්ධතා පත්‍රිකා ආධාරයෙන් ඇය විවිධ බැංකුවල ගිණුම් විවෘත කිරීමට සමත් වූවාය. මේ සියල්ල ඇය කරනු ලබන්නේ ව්‍යාජ ලියකියවිලින් ආධාරයෙනි.
ඇතැම් නියෝජිතයින්ගේ සහය ඇතිව ඇය PAN කාඩ්පතක්, ආධාර් කාඩ්පතක්, ඡන්ද හිමි හැඳුනුම්පතක් සහ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
ෆ්‍රැන්සිස්කෝ හෙළිකළේ මුම්බායි හි ඉන්දියන් ඕවර්සීස් බැංකුවේ ෆෝට් ශාඛාවේ පැවති ඒකාබද්ධ ගිණුමක තිබූ රුපියල් කෝටි කිහිපයක් ආපසු ගැනීමේ කාර්යය තමා ඇතුළු තවත් කිහිපදෙනකුට පැවරූ බවය.
මොවුන් ගිණුම් මුල් හිමිකරුවන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් දුරකතන අංක පවා සක්‍රිය කරගනිමින් වසර ගණනක් තිස්සෙස් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.
ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ වෙසෙන බව කියන ඇය හෙළිකළ චූදිත පුද්ගලයින් දෙදෙනා කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස්කිරීම සඳහා මුදල් රැස්කළ බව ප්‍රකාශ කර ඇත.
2021 ඔක්තෝම්බර් මස මුල් සතියේදී NIA විසින් ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු වූ එල්ටීටීඊයේ සට්කුනම් හෙවත් සබේසන් (47) චෙන්නායිහිදී අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්‍රී ලාංකිකයෙකු වන එම සැකකරු එල්ටීටීය පණ ගැන්වීම සඳහා හිටපු සාමාජිකයින්ට හෝ හිතවතුන්ට විශාල මුදලක් මාරු කර ඇති බවට චෝදනා එල්ල විය.
පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු සම්බන්ධ බවට සහ එම අපරාධයෙන් ලැබෙන ආදායම සංවිධානයේ හිටපු සාමාජිකයින්ට අරමුදල් සැපයීමට යෙදවූ බවට ලැබුණු තොරතුරු මත ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සට්කුනම් ලුහුබැඳ ගියේය.
උපුටා ගැනීම : lankasara
