gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යලිත් රට පුර විදුලි කප්පාදුවක්! සපුගස්කන්ද ඉන්ධන අවසන්!

සපුගස්කන්ද බලාගාරය ක්‍රියා කිරීමට අවශ්‍ය දැවි තෙල් නොමැති වීම මත නැවතත් රට පුරා විදුලි කප්පාදු කිරීමේ තත්ත්වයක් මතුව තිබේ.
විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට සපුගස්කන්ද බලාගාරය දැවි අවසන්වීමත් සමග විදුලි නිෂ්පාදනය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.
සපුගස්කන්ද බලාගාරය මෙරට විදුලි පද්ධතියට මෙගා වොට් 100 ක පමණ ප්‍රමාණයක් දෛනිකව එකතු කරයි.

ඉන්ධන නොමැති වීම මත මෙම බලාගාරය ඊයේ රාත‍්‍රියේ නතර කිරීමට ගිය අවස්ථාවේ තෙල් සංස්ථා විසින් දැවි තෙල් මෙට්‍රික් ටොන් 500ක් ක්ෂණිකව ලබා දීමත් සමග අද දිනය තෙක් ක්‍රියාත්මක කරගැනීමට හැකියාව ලැබුණු බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් එය දුරටත් ක්‍රියාත්මක වීම සඳහා නම් දැවි තෙල් මෙටි‍්‍රක් ටොන් හයසීයක් දෛනිකව අවශ්‍ය බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka