පසුගිය 10 වැනිදා අධිකරණයට නොපැමිණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණය වී ඇත.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අද අධිකරණයට දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයාට වෛද්‍ය පරීක්ෂණ 10ක් සිදු කර ඇති බවත් ඉන් විශේෂ රෝගී තත්ත්වයක් තිබූ බවත් හෙළි නොවන බවත්ය.
රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාලව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී.
මෙම නඩුව ලබන මස 18 වැනි දින යලි කැදවීමට නියෝග කර ඇත.
