gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වරාය උත්සවයේ වියදම කෝටිය පනී! ගෙදර කාමරයක් හදලා විවෘත කළා වගේ වැඩක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවැනි අදියර ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයට රුපියල් කෝටිය ඉක්මවා මුදල් නාස්තියක් සිදු කර ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාන මහතා සඳහන් කරයි.

ඒ මහතා පැවසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දෙවන අදියර එනම් දැනට නිම කර ඇති මීටර් 440 තවත් දිගු කිරීමේ අදියර ඉතිරි කොටස ආරම්භ කිරීම සඳහා විශාල උත්සවයක් පැවැත්වීම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

ඒ සදහා රජය විසින් විශාල මහජන මුදල් නාස්තියක් සිදු කර ඇති බවටත් ඔහු චෝදනා කළේය.

මෙම කටයුත්ත නිවසක කාමරයක් සාදා එම කාමරය විවෘත කිරීමට විශාල උත්සවයක් ගෙන දෙවැනි කාමරයද සදා තවත් එවැනිම වියදම් සහිතව ගන්නා විවෘත කිරීමේ උත්සවයක් වැනි ක්‍රියාවක් ඇයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka