මන්ත්‍රී වත්කම් දැනගන්න තොරතුරු කොමිසම දුන් නියෝගයට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරුවරු ඉවත්වෙති!
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදාහරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරු දෙදෙනෙකු අද (11) ඉවත් වී තිබේ.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ. ඒ. රෝහණදීර විසින් එම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
එම අභියාචනා සලකා බැලීම සඳහා අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අදාළ විනිසුරුවරු දෙදෙනා ප්‍රකාශකර ඇත්තේ ඔවුන් එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.
ඒ අනුව පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමුකරන ලෙසත් එම විනිසුරුවරු දෙදෙනා නියෝග කළහ.
අනතුරුව අභියාචනය ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
අභියාචනය ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මාධ්‍යවේදී චාමර සම්පත් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු කොමිසම විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මුදාහරිණ ලෙස තමන් වෙත නියම කර ඇති බවය.
තොරතුරු කොමිසමේ එම නියෝගය නීතියට පටහැනි බව පවසමින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
-දෙරණ
මන්ත්‍රී වත්කම් දැනගන්න තොරතුරු කොමිසම දුන් නියෝගයට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරුවරු ඉවත්වෙති!
2022-01-11T16:07:00+05:30
Gossip Lanka Hot News





