ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක් - ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලීමේ අවදානමක් මතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
චීනයට ගෙවීමට ඇති ණය ගෙවීම සදහා අමතර කාලයක් ජනාධිපතිවරයා විසින් චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ඉල්ලීම මීට හේතුව බව ඔහු පැවසීය.
මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව දැන් ණය ගෙවීමට හැකියාවක් නැති රටක් ලෙස මුල්‍ය වෙලදපලට දුන් ඉතා භයානක සංඥාවක් යැයිද ඔහු කියා සිටියි.
මේ හේතුවෙන් මූල්‍ය වෙළඳපල විසින් ශ්‍රී ලංකාව තව තවත් පහළ හෙළීමට කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.
ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක් - ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි
2022-01-11T17:03:00+05:30
Gossip Lanka Hot News





