මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එය වසර පහකට අත්හිටුවීමට අද (26) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව නියෝගය අද (26) ලබා දෙමින් විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.
මෙලෙස දඩුවම් නියම වූයේ, තම්බි සෙට්ටිපාර, පේදුරුතුඩුව ලිපිනයේ පදිංචි වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයවලුන්ටය.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දයාමාස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල් ටී ටී ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පිළිගැනීම සිදුකළ බවය.
