කඩාකප්පල්කාරී වැඩක්ද? නඩත්තුවක් කියා කරන්ට් නැති වෙලාවේ කැළණිතිස්සත් නවත්වයි!
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සුජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවකි.
ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම මීට පෙර ප්‍රකාශ කර කිබිණ.
ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇති හෙයින් හෙට දිනය දක්වා විදුලිය කප්පාදු නොකරන ලෙසද මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ දැනුම් දී තිබිණ.
මව්රට
කඩාකප්පල්කාරී වැඩක්ද? නඩත්තුවක් කියා කරන්ට් නැති වෙලාවේ කැළණිතිස්සත් නවත්වයි!
2022-01-26T21:41:00+05:30
Gossip Lanka Hot News




