gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පල්ලියේ බෝම්බය ගැන පල්ලියෙන්ම තවත් ප්‍රශ්නයක්!

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් හමුවු අත්බෝම්බය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මීසම් ධර්මසේවා සභාව පවසයි.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බොරැල්ල මීසම් භාර පියතුමන් වන ජූඩ් ශ්‍යාමන් පියතුමන් සහ මීසම් ධර්මසේවා සභාව පෙන්වා දෙන්නේ අදාළ පරීක්ෂණ සිදුවන ආකාරය පිළිබඳව ගැටලු සහගත බවය.

අදාළ සිදුවීම සිදුවූ ස්ථානයේ ඇති CCTV දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට හැකියාව තිබියදීත් එලෙස කටයුතු නොකිරීම ගැටලු සහගත බව එම නිවේදනයේම සඳහන් වෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට රජය සහ බලධාරීන් පියවර ගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පසුගිය ජනවාරි 11 වන දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බොරැල්ල පොලීසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊට අදාළව මේ වන විටත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka