gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 ක් එජාපයට දෙන කතාවක් : රවී නිදහස් කළෙත් ඒකටලු!

ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 ක් එක්සත් ජාතික පක්ෂයට ලබා දීමේ සාකච්ඡාවක් යන බවට තොරතුරු හෙළිදරව් වනවා. එසේ මන්ත්‍රී ධූර 4 ක් ලබා දෙන්නේ නම් ඊට හිලව් වන ලෙස ඉටුකර දෙන බවට ප්‍රතිඥාවක්ද එක්සත් ජාතික පක්ෂය ලබාදී ඇති බවයි අනාවරණය වන්නේ.

විපක්ෂයෙන් දහයක් එලියට

ඒ එසේ මන්ත්‍රී ධූර ලබා දෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු අවම වශයෙන් 10 දෙනෙක් ආණ්ඩුවට එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවටයි.

එම වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම සිටින්නේ රවී කරුණානායක මහතා බවටද තොරතුරු වාර්තා වනවා.

මහබැංකු බැඳුම්කර සිද්ධියේ චෝදනා රැසකින් ඔහුව නිදහස් කරන ලද්දේත් ඒ එකඟතාවය මත බවත් හෙළිදරව් කරනවා.

පොදුජන පෙරමුන ජාතික ලැයිස්තුව

මෙම හෙලිදරව්ව කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන චමීර පෙරේරා මහතායි.

චමීර පෙරේරා මහතා සඳහන් කරන ආකාරයට පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4ක් එ.ජා.ප යට ලබාදීමට නම් මේ වන විට එම ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දරන 4 දෙනෙක් සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයට මේ වන විට පාර්ලිමේන්තුව තුළ හිමිව තිබෙන්නේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී ධුර ආසනයක් පමණයි.

එම මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරනවා.

-AsianMirror
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka