වැඩිකරපු 5000 ගුරු-විදුහල්පති-කාර්ය මණ්ඩලවලට නැතිලු! ආයෙමත් ගිනි අවිලෙන ලකුණු!
2022 වසරේ ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදෙන බව කියූ රු. 5000 දීමනාව විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් මෙන්ම ගුරුවරුන්ට හා පාසල් කාර්යය මණ්ඩලය වෙත ලබා නොදෙන බව පැවසේ.
මේ බව සඳහන් කරමින් ඊයේ (2022.01.19) දිනැති ලිපියක් අම්පාර කළාපයේ අධ්‍යාපන කාර්යාලයෙන් නිකුත්කර ඇත.
එහි ගණකාධිකාරී එල්. ටී. සලිතීන් විසින් ZEO/AAC/CC/01 ලිපිය මඟින් දන්වා ඇත්තේ 2022 ජනවාරි 18වන දින නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී මෙම ගෙවීම් අත්හිටුවීමේ තීරණය දැනුම් දුන් බවකි.
විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් මෙන්ම ගුරුවරුන්ට හා පාසල් කාර්යය මණ්ඩලය වෙත ලබාදෙන වැටුප් පත්‍රිකාවේ රු. 5000 දීමනාව දක්වා ඇතත් එය වැටුපට නොලැබෙන බව අම්පාර අධ්‍යාපන කළාපයේ ගණකාධිකාරී එල්. ටී. සලිතීන් දන්වා ඇත.
වැඩිකරපු 5000 ගුරු-විදුහල්පති-කාර්ය මණ්ඩලවලට නැතිලු! ආයෙමත් ගිනි අවිලෙන ලකුණු!
2022-01-20T14:26:00+05:30
Gossip Lanka Hot News





