පුරප්පාඩුවී තිබෙන කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති ධුරය සඳහා එම සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබිය දී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ මනෝමි සෙනවිරත්න පත්කිරීමට කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කර තිබේ.
කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කරමින් දන්වා ඇත්තේ තනතුරකට පත් කරනවි සුදුසුම පුද්ගලයන් පත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවය.
එමෙන්ම අත්දැකීම් සම්භාරයක් නැති අය පත් නොකර සුදුසුකම් ලත් අය පමණක් තෝරා පත් කර ගැනීමෙන් අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබාදී මෙම විදුහල්පති තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සිදුකරනු ලබන ලෙසද උන්වහන්සේ ජනපතිවරයාට දන්වා ඇත.
මනෝමි සෙනවිරත්නගේ විශාඛා විදුහල්පති ලෙස පත්කිරීමට එරෙහි වන අය දක්වා ඇත්තේ ඇය කලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක වශයෙන් සේවය කරනු ලැබූ අතර එහිදී ඇය හට ආසියානු සංවර්ධන බැංකුව හරහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් මුල්‍යාධාර මත රුපියල් මිලියන 08ක් වියදම් කොට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක “තක්සේරුව” පිළිබඳව පුහුණුවක් ද ලබාදීම සිදු කළ බවය.
එවැනි පුහුණුවක් ලද කෙනෙක් ඵලදායී ජාතික සේවයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ පාසලකට යොමු කිරීම නොවන බවය.
විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ විරෝධය නොතකා මනෝමි සෙනවිරත්න පසුගිය සැප්තැම්බරයේ රත්නපුර සුමන බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පත්කිරීමටත්, දෙසැම්බර් මාසයේ විශාඛා විදුහල්පතිනිය තොරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමටත්, සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරීමටත් කටයුතු කර ඇයව කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාට චෝදනා එල්ලවෙමින් තිබේ.
