ඇමරිකානු ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණය ගෙවා දමා ඇත්තේ තමන් හිතවතුන් පිනවීම උදෙසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
ලෝක අර්බුදකාරි සමයෙක ජනතාව ගැන කිසිදු තැකීමක් නොකර ආණ්ඩුව මෙසේ තම හිතවතුන් පිනවද්දී ලෝකයේ රටවල් ණය පියවීම කල් ඉල්ලමින් සිටින බවත් ඔහු පැවසීය.
මෙම බැඳුම්කරය පියවීමේ හරයා විශාල ලාභයක් හිතවතුන්ට අත්කර දී ඇති බවත් ඒ හරහා කළු සල්ලි සුදු කරමින් ඇති බවත් ඔහු චෝදනා කරයි.
මෙවර ගෙවා දමා ඇත්තේ ද්විතියික බැදුම්කරයක් බවත් එනම් දේශීය වශයෙන් ලබා ගත් ණය බවත් ඔවුන් ඒ හරහා තම කළු සල්ලි සුදු කරමින් සිටින බවටත් හෙකෙම චෝදනා කරයි.
