gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

පොලිසිය සිටින්නේ  අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස  දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්,  ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා ඉවත්ව යන ලෙසත් කාදිනල් හිමියෝ  සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ  බෝම්බ සිද්ධියට අදාලව පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් වලට අද   පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ , ඊයේ  (13) කොළඹ අගරදගුරු නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ මේ සිද්ධිය අතිශයින් ජුගුප්සාජනක ලෙස වසන් කිරීමට පොලිසිය කටයුතු කරන බවය.

මාධ්‍ය අමතා  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේද පැවසූහ.

“ එම සිද්ධියෙන් පස්සේ අපේ පල්ලියේ අවුරුදු ගානක් වැඩකරපු සහ සන්ක්‍රිස්තියන් තනතුර දරපු මහත්මයාව සහ ඔහුට සහාය වෙච්චි සේවකයෙක් ඇතුළු 04ක් පොලිසියට කැඳවාගෙන ගියා. “

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊට පසසේ නිකුත් කළ ප්‍රකාශයේ  සඳහන් වුනා ඒකට කටයුතු කළේ සන්ක්‍රිස්තියන් ධුරය දරපු  පානි  කියන කෙනා කියලා. මම දෙවස්ථානය භාර පියතුමාට කිව්වා කරුණාකරලා උදේ වරුවේ සිට සීසීටීවී නරඹන්න කියලා. මොකද පොලිසිය කිව්වෙ අපට  හැන්දෑවෙ තුනෙන් පස්සේ දර්ශන නැරඹුවාම ඇති කියලා.

පියතුමන්ලා ඇහුවාම අපි උදේ වරුවේ ඒව පෙන්වන්නද කියලා ඒ ගොල්ල ඒ ගැන ඒ තරම් කැමැත්තක් පෙන්නලා නෑ.

- කීර්ති ප්‍රනාන්දු 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka