gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීව අවබෝධ කරගැනීමට අවශ්‍ය නම් ”ජනාධිපති තාත්තා” කෘතිය නැවත කියවන්න

හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව තුළ හිඳිමින් දිගින් දිගටම ආණ්ඩුව වැරදි ලෙස විවේචනය කිරීම ගැන ඊයේ (13) කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත් ළඟදීම ඒවාට විසඳුම් ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු ක්‍රියාවෙන් ඔප්පු කිරීම කෙසේවෙතත් කතාවෙන් සුරංගනා ලෝකයක් මැවීමට හැකි කෙනෙක් බවද හෙතෙම පැවසුවා.

එමෙන්ම ඔහු ගැන අවබෝධකරගැනීම සඳහා ඔහුගේ දියණිය විසින් එළිදැක්වූ ”ජනාධිපති තාත්තා” කෘතිය නැවත කියවා බලන ලෙසයි පියල් නිශාන්ත මහතා පැවසුවේ.

”අපි පැහැදිලිවම කියන්නේ කාණු,බෝක්කු,වේදිකා ගානේ කියව කියව යන්නේ නැතිව කණ්ඩායම් රැස්වීමේ පැහැදිලිව කියන්න. තැන් තැන් වල මෙහෙම කතා කීම සුදුසු දෙයක් නෙවෙයි. රටේ ජනතාවට හොඳ බුද්ධියක් තියෙනවා. වෙච්ච දේවල් අමතක වෙලා නැහැ. හැබැයි ආණ්ඩුව ඇතුලේ ඉඳන්ම කුමන්ත්‍රණ කරන්න සූදානම් වෙන්න එපා. ඉන්න අයට ඉන්න පුළුවන්. නැත්නම් තීරණයක් ගන්න පුළුවන්. ඉදිරි අවුරුදු 3ක කාලය තුළ රට සහ ජනතාව වෙනුවෙන් වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. කශේරුකාවක් තියෙන අය පෙන්වන්න එය තිබෙන බව. ඔය කියන දේවල්වල ප්‍රතිඵල එතුමාටම ලැබෙයි. ජනතාව මන්දබුද්ධික නැහැ.”

එමෙන්ම විපක්ෂයේ සන්ධාන හැදීම ගැනද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.

”මොන සන්ධාන හැදුවත් විපක්ෂයේ ඉන්න අය ගැන අපි හොඳට දන්නවා. මොන සන්ධාන හැදුවත් එය අපට අදාළ නැහැ. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නම් ඒ සන්ධාන හැදෙන්නේ අපි ආශිර්වාද කරනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka