gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාබනික වගාවක් කරන්න ගිහින් 32 වසරක මගේ දේශපාලන ජීවිතය විනාශ වුනා - මහින්දානන්ද

“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණ තැන් තියෙනවා.ඒ වැරදුණ තැන් හදාගෙන ⁣යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕන. රජය හාල් ආනයනය කරන්න තීරණය කර තිබෙනවා. මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනී⁣මෙන්⁣ ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වලක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා කිවේය.

මෙම සාකච්ඡාවට දිවයින පුරා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී සිටියහ. මෙහිදී මහ කන්නයේ වී අස්වැන්න පිළිබඳව අදහස් විමසීමේදී සමස්තයක් ලෙස 40% – 50% අතර ප්‍රමාණයෙන් වී අස්වැන්න අඩු විය හැකි බව ගොවි සංවිධාන නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව වුවද මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම මහ කන්නයේ වී වගාවේ වගා හානි වෙනුවෙන් හානිය ඇස්තමේන්තු කර වන්දි ලබා දෙන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කීරිමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද, කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක් ලබා දීමට ඇතැම් අය සුදානමින් සිටි බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මේ සියලු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දෙමින් යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ තම සංවිධානය අධිෂ්ඨානශීලිව කටයුතු කරන බවද පසුගිය කාල පරිඡේදය තුළ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුහුණු දුන් අතිශය පීඩාකාරි විවේචන හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තම සංවිධානය බලවත් සේ කණගාටු වූ බවද, ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති ප්‍රේමරත්න මහතා මෙහිදී සඳහන් කළේය. යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට පොහාර හා පොහොර භාවිතය පිළිබඳ උපදෙස් කලට වේලාවට ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. මහ කන්නයේ වගා හානි සඳහා හානිය පිළිබඳ තක්සේරු වාර්තා කඩිනමින් ලබාගෙන වන්දි ගෙවීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙහිදී උපදෙස් දුන්නේය. එමෙන්ම අක්කර දෙකකට නොඅඩු කෘෂිකර්ම ඉඩම් සඳහා ගිනි අවි ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් අබේරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ. සාකච්ඡාව අවසානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා කෘෂිකර්ම උපකරණ බෙදා දීමක් ද අමාත්‍යවරයා අතින් සිදු විය. මෙසේ බෙදා දුන් යන්ත්‍රෝපකරණ අතර වී අස්වැන්න නෙළන යන්ත්‍ර, ට්‍රැක්ටර් හා වීඩර් යන්ත්‍ර ද ඇතුළත් විය.රුපියල් මිලියන 65 ක් වටිනා මෙම යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ඇත්තේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ දායකත්වයෙනි. දිවයින පුරා සියලු ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා ඒවාට ඇති අවශ්‍යතාව අනුව මෙම යන්ත්‍රෝපකරණ ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka