gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා! තෝව බල්ලෙක් වගේ මරලා දානවා ! නඩුව අයින් කරගනින්!’ ආන්දෝලනාත්මක සුදුළූනු නඩුවේ පැමිණිලිකරුවකුට දුරකතනයෙන් බලපෑම්!

මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු ලූනු වංචා සිද්ධියේ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස තමාට යම්කිසි පුද්ගලයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කරන බව මෙම සිද්ධියෙන් අගතියට පත් සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි.

එලෙස මර්ණීය තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම ඔහු පටිගත කර තිබේ.

රාජසන්තක කෙරුණු, රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝග්‍රෑම් 54,860ක් ලක් සතොසට මිලට ගෙන ඒවා වංචනික අයුරින් ව්‍යාපාරිකයකුට විකුණා කොමිස් මුදල් ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එමෙන්ම ඊට අදාළව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද මේ වනවිට විභාග කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබේ.

එවන් පසුබිමක මෙම සිද්ධියෙන් අගතියට පත් එනම් සතොස වෙනුවෙන් සුදු ලූනු තොගය මෙරටට ආනයනය කරන ලද එන්රිචර් ඉන්වෙස්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි අධ්‍යක්ෂ අනුර අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ යම් පුද්ගලයෙකු විසින් මරණීය තර්ජන සිදුකර ඇත. 

ඒ අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස පවසමිනි.

දුරකථනයේ පටිගත වූ ඇමතුම,

තර්ජනය කරන පුද්ගලයා  – “හලෝ … හලෝ අනුර අබේවර්ධනද?” 

“මං කියන කතාව හොඳට අහගනින්. හරිද… උඹට මේ කතාව අහගන්න බැරි වුණොත් කමතවත්ත පාරේ උඹේ ගෙදරට එන්න වෙනවා. හරිද..” 

“උඹට මේ කරන අවසාන නිවේදනය කියලා හොඳට මතක තියාගනින්. හරිද.. දේවි බාලිකා එකේ 6 වසරේ ඉන්න උඹේ දුවව ගන්න තුන් හතර පාරක් අපි ආවා. මේ වෙනකොටත් උඹේ ගේ අවට අපේ කට්ටිය දාලා තියෙන්නේ.”

“උඹ මේක හොඳට අහගනින්. උඹ දාලා තියෙන සුදු ලූනු නඩුව උඹ වහාම අයින් කරගන්න ඕන….. හරිද? නැත්නම් උඹට ජීවත් වෙන්න උඹේ ගෑනිට ජීවත් වෙන්න කමතවත්ත පාරේ කිසිම වෙලාවක චාන්ස් එකක් නැහැ. හරිද?”

“කතා කරන මහත්තයාගේ නම ……. වැඩක් නැහැ. මරණව ***. තොට දවස් 10යි දෙන්නේ. හොඳට මතක තියාගනින් මේක. මේ 20 වැනිදා වෙනකොට තෝ අයින් කළේ නැත්නම් …. තෝව බල්ලෙක් වගේ මරලා දානවා දැනගනින්.” 

“මේ.. මේ අහපන් ***, නීතිය.. උඹට පුළුවන්ද ගවර්මන්ට් එකත් එක්ක හැප්පෙන්න. තෝ WTC එකට එන වෙලාවක හරි නැත්නම් තෝ නවම් මාවතේ බැංකුවට එන වෙලාවක හරි බල්ලෙක් වගේ පාරේ මරලා දානවා… දැනගනින්.” 

“තොගේ ඉස්සරහ තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා…. දැනගනින්. තොට මේ වගේ පාරක් ආයෙත් කියන්න තියාගන්න එපා.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka