gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

උපකුලපති පත් කරන්න දේශපාලන ලියුම් ගහපු මැති ඇමතිවරු මෙන්න

වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨයේ මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙස පළාතේ දේශපාලඥයන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති දේශපාලඥයන් සිවුදෙනා වන්නේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පශු සම්පත් , ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා කිරි ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ  වියත්මග සංවිධානයේ කුලියාපිටිය සභාපති නීතිඥ ඒ.එච්.එම් මායාදුන්නේ සෙනෙවිරත්නයි.

එම තනතුර ලබා ගැනීම සඳහා මහාචාර්යවරයා තමාගේ සහාය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි  දැනගන්නට ඇත්තේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka