ශ‍්‍රී ලංකා රජයට වඩා හොදින් ශ‍්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකිය..- බංග්ලාදේශ මාධ්‍ය
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිසි දැනුමක් නොමැති කම පෙන්නුම් කරන බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තැතිගන්වන සුළු තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවද ‘ඩකා ටි‍්‍රබියුන්’ පුවත්පත් වාර්තාවක සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ විනිමය හිගය ගැන ද අදහස් පළ කරන එම වාර්තාවේ සඳහන් වන්නේ විදේශ විනිමය මිල රජය විසින් නියාමනය කිරීමට උත්සාහ කිරීම මීට හේතු වී ඇති බවයි.
අවශ්‍ය තරම් විදේශ විනිමය ලබා ගැනීමට නම් සිදු කළ යුත්තේ ඒ සඳහා ගෙවීමට අවශ්‍ය වන රුපියල් ගණන වෙනස් කිරීම පමණක් එයිද වාර්තාවේ සඳහන්ය.
පවතින තත්ත්වය මත පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ රජයට වඩා ශ්‍රී ලංකාව පාලනය කිරීමට බංගලදේශය සුදුසුකම් ඇති බව නමුත් අවාසනාවකට ජාත්‍යන්තර තත්ත්වය අනුව යටත්විජිත සංකල්පය තව දුරටත් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී.
ශ්රී ලංකා රජයට වඩා හොදින් ශ‍්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකිය..- බංග්ලාදේශ මාධ්‍ය
2022-01-24T19:48:00+05:30
Gossip Lanka Hot News




