gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු සභාපතිගෙන් ඩයනාට සැර පිළිතුරක්!

කොවිඩ්‌ ව්‍යසනය හමුවේ බලාපොරොත්තු වූ සේවය සිදු කිරීමට නොහැකි වූ බව පවසමින්‌ අහිමි වී ගිය අවුරුදු දෙකක කාලය ජනපතිට හෝ ආණ්ඩුවට ලබා ගැනීම සඳහා කිසිදු සාකච්ඡාවක්‌ ආණ්ඩුව අභ්‍යන්තරයේ හෝ සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්‌ පීරිස්‌ මහතා පවසනවා.

ජනතාව ආණ්ඩුවට ලබා දුන්‌ කාලය තවත්‌ වසර තුනක්‌ සඳහා ඉදිරියට තිබෙන බැවින්‌ එම කාලයේදී සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක්‌ බවට පත්‌ කිරීම සඳහා උපරිමයෙන්‌ කැපවීම ආණ්ඩුවේ ඉලක්කය බවද අමාත්‍යවරයා පැවසුවා.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්‌ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන්‌ පසු මාධ්‍ය හමුවේ අදහස්‌ දක්වමින්‌ ඇමැතිවරයා මේ බව පැවසුවා.

ජනමත විචාරණයක්‌ සඳහා යොමු වීමේ කිසිදු අදහසක්‌ රජයට නොමැති බවද පිරිස් මහතා අවධාරණය කළා.

වැඩිදුරටත්‌ අදහස්‌ දක්වමින්‌ අමාත්‍ය ජී.එල්‌ පිරිස්‌ මහතා මෙසේද ප්‍රකාශ කළා,

“ආණ්ඩුවට ඉදිරියට තවත් වසර තුනක්‌ තිබෙන බව කවුරුත්‌ පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ තුනෙන්‌ දෙකක ශක්තියක්‌ අපට තිබෙනවා. වැඩිපුර ආසන තුනක්‌ තිබියදී ඇතැම්‌ ආණ්ඩු වසර හයම පාලනය ගෙනිච්චා. ආණ්ඩුව ජනප්‍රිය දේවල්‌ කරන විට ලකුණු දාගන්න ඇතැම්‌ අය එසේ නොවන තීරණ වලදී ඒවාට අපි සම්බන්ධ නැහැ කියන එක වැරදියි. ඕනෑම ආණ්ඩුවකට ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදු වෙනවා. ඒ වගේ වෙලාවක ආණ්ඩුව සමහ එකට ඉන්න කවුරුන්‌ හෝ කියනවා නම්‌ අපි ඕවට නැහැ කියලා ආණ්ඩුවක්‌ ගෙනියන්න බැහැ. ආණ්ඩුව නියෝජන කරන සියලුදෙනා ආණ්ඩුව ගන්නා තීරණ සම්බන්ධයෙන්‌ සාමුහිකව බැඳි සිටිනවා. මූලික සිද්ධාන්තය එයයි. නව ව්‍යවස්ථාවක්‌ ගෙන එන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව රටට ප්‍රතිඥාවක්‌ දුන්නා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක අන්තර්ගතයි."

"ජනාධිපති නීතීඥ රොමේෂ්‌ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්‌ විද්වත්‌ කමිටුවක්‌ මේ සඳහා පත්කර තිබෙනවා. ඔවුන්ගේ කාර්යභාරය අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්‌ සඳහා යෝජනා ඉදිරිපත්‌ කිරීමයි. මෙහිදී මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරන්න ප්‍රමුඛත්වය දෙනවා. සභානායක දිනේෂ්‌ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ මේ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්‌ පත්කරලා තිබෙනවා. ජනතාව අපේක්ෂා කරනවා මැතිවරණ ක්‍රමයේ වෙනසක්‌. මේක රටට ශාපයක්‌. පවතින මැතිවරණ ක්‍රමය තුළ මහා පරිමාණයේ දූෂණ වෙනවා. මේ සම්බන්ධව ජනමත චිචාරණයකට ගියොත්‌ 90% ක්‌ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරන්න කැමැත්ත ප්‍රකාශ කරයි. නව ව්‍යවස්ථාවක්‌ සඳහා වන විද්වත් යෝජනා ඉදිරිපත්‌ වූ පසු ඒවා පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනවා. ඒ මගින්‌ තමයි සංශෝධන චිය යුත්තේ මොනවාද නැද්ද යන්න තීරණය කරන්නේ. ඒවා දේශපාලන තීරණ. විද්වතුන්‌ පමණක්‌ සම්බන්ධ වෙලා ව්‍යවස්ථාව සකස්‌ කරන්නේ නැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්‌ චීම සිදුවන්නේ යෝජනා ඉදිරිපත්‌ වූවාට පසුවයි. අදාළ කටයුතු මේ වසරේ ක්‍රියාත්මක කරන්න රජය දැඩි අධිෂ්ඨානයකින්‌ පියවර ගනිමින්‌ ඉන්නවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka