gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි කප්පාදුවක් නැහැ... ඕව ජෙප්පන්ගෙ කතා - විදුලිබල ඇමති කියයි

දෛනික විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණද, එවැන්නක් සිදුකෙරෙන බවට වූ කිසිදු ප්‍රකාශයක් විදුලිබල අමාත්‍යාංශය විසින් සිදුකර නොමැති බවත්, එසේම විදුලිය සැපයීම සම්බන්ධයෙන් මේ වනවිට්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම සඳහන් කර සිටියේ, ජනතාව බිය වැද්දවීමට ජනතා විමුක්ති පෙරමුණෙහි වෘත්තීය සමිතිවලට අවශ්ව ඇති සේම විවිධ රාජ්‍ය නොවන ආයතන මගින් මුදල් ලබා ආණ්ඩුව අසීරුතාවට පත් කිරීමටද ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටින බවයි.

මෙම කෙසේවුවද හදිසි අවශ්‍යතාවක් උද්ගත වුවහොත් කටයුතු කිරීම සඳහා පමණක් විදුලිබල මණ්ඩලය සුදානම් වන බව පැවසූ අමාත්‍යවරයා, එහෙත් විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම්, ඒ පිළිබඳ විධිමත් පෙර දැනුම්දීමක් ජනතාවට සිදුකරන බවද පැවසීය. මේ අතර කෝවිඩ් තත්ත්වය තුළ ගාස්තු අය කිමේ සහන ලබාදීම ඇතුළු කරුණු හේතුවෙන් මේ වනතෙක් නොලද, පාරිභෝගික අය කිරීම ලෙස විදුලිබල මණ්ඩලයට ලැබිය යුතුව ඇති මුදල රුපියල් බිලියන 44ක් පමණ වන බවද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම මුදල් අය කර ගැනීමට හා තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති මුදල් පියවීමට කටයුතු කෙරෙමින් පවතින බවද හෙතෙම පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (10දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටි. අමාත්‍යවරයා, ගල්අඟුරු. සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහාද පිළිතුරු ලබා දුන්නේය.ඒ අනුව එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් හෙතෙම සඳහන් කර සිටියේ, "ජනවාරි මාසයේ වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපට අතිරේක විදුලිය ඕන කරනවා. සමහර නිලධාරින්ට ඕනෑ කර තිබෙනවා විදුලිය මිලට ගැනීමට, අපේ විදුලියට වැඩියෙන්. ඒක අද නොවෙයි ඉතිහාසයේ සිටම තිබෙන එකක්. ඒ නිසා තමයි සමහර ගිවිසුම් අපිදීඝ නොකර ඉන්නේ. දැනටමත් ගිවිසුම් දෙකක් දිගු කරන්න තිබෙනවා,

ඇඹිලිපිටිය සහ මාතර. ගල් අඟුරු අපි ගන්නේ දකුණු අප්‍රිකාවෙනුයි   රුසියාවෙනුයි. නැවක් ලෝඩ් කරන කොට අපට ඩොලර් මිලියන 08ත් - 10ත් අතර ගානක් එක නැවකට යනවා. අපට මහා භාණ්ඩාගාරයෙන් පසුගිය සුමානය වනතුරුම ගල් අඟුරු නැවි. 02කට මුදල් දුන්නා හැම සුමානයකම. මොකද අපි ගෙන තිබෙන ගල් අඟුරු ප්‍රමාණය සියල්ලම අපි ගෙන්වා ඉවර වෙන්න ඕන අප්‍රේල් මාසයේ අවසන් සතියට පෙර. දැන් ඒ වැඩපිළිවෙළ අනුව විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු කරන සමාගම අවශ්‍ය මුදල් දෙනවා. ඒක ටෙන්ඩරයකින් තීන්දු කර තිබෙනවා මිලට ගැනීමට. අවසාන ඇණවුමේ තිබෙනවා ටොන් 4,800ක්, එය රැකියාවෙන් ගන්නේ. මහජන බැංකුවෙන් අපි ණයවර ලිපි යවන්නේ. නමුත් ඔවුන් නැවක් ලෝඩ් කරන්න පටන් ගන්නේ මහ බැංකුවේ 'ගැරන්ටිය' ගියාම. දැනට ඒ කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් නෑ" යනුවෙනි.

(නිදර්ශනී වික්‍රමසිංහ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka