gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොල්ර් හැට නව ලක්ෂ අනූ දහසේ වන්දියෙන් පසු මහජන බැංකුව චීන අසාධු ලේඛනයෙන් ඉවතට!

මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින්  සිය අසාදු ලේඛනයෙන් ඉවත් කළ බව චීන තානාපති කාර්යාලය අද (11) නිවේදනය කරයි.

ව්‍යාධිජනක බැක්ටීරියා සහිත බව තහවුරු වූ පසු ක්වින්ඩාවෝ සී වින් බයෝ ටෙක් සමාගමෙන් ආනයනය කරන ලද පොහොර තොගය ප්‍රතික්ෂේප වී,  එම පොහොර  සඳහා ගෙවීම් අත්හිටුවමින් කොළඹ වාණිජ අධිකරණයෙන් මහජන බැංකුවට වාරණ නියෝගයක්  නිකුත් කිරීම  නිසා ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කළේය.

අනතුරුව ශ්‍රී ලංකාව සමග සිදුකරන් ජාත්‍යාන්තර ගනුදෙනුවල දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වලකින ලෙස සියලුම චීන ව්‍යවසායකයන්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

අවසානයේ දී චීන පොහොර නැවට සහ සමාගමට ඇමරිකානු ඩොලර් හැට නව ලක්ෂ අනූදහසක මුදලක් ගෙවීමට වාණිජ මහාධිකරණය විසින් තින්දු කර එම ගෙවීම් අවසන් වූ පසු මහජන බැංකුව සිය අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka