gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති මණ්ඩලයටම එරෙහිව ඇල්ලේ-බෙංගමු හිමිවරුන් යළි උසාවි යයි!

රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා බව කියමින් ඉන්දියානු LIOC සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ මීට පෙර මෙම කරුණට අදාළව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියන් විසින් ඉදිරිපත් කළ ඉකුත් පෙත්සමට අමතරවය.

ඊයේ (12) ඉදිරිපත් වූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම සහ ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කාර හිමිවරු පෙන්වා දෙන්නේ ඉකුත් 04 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු ලංකා අයි.ඕ. සී සමාගම සමඟ ඒකාබද්ධව සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තීන්දු කළ බව ප්‍රකාශ කළ බවයි.

තෙල් ටැංකි සංකීර්ණය පැවරීමේ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ලංකා අයි.ඕ. සී සමාගම අතර අත්සන් කෙරුණු බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කෙරුණු බව ද පෙත්සම්කරුවන් එම සංවර්ධන ක්‍රියාදාමය ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම හරහා සිදු කෙරෙන බව ප්‍රකාශ කෙරුණු බව ද කියා සිටී.

මෙවැනි තීරණයකට එළැඹමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බව කියා ඇත.

මෙම ක්‍රියාව හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය බිඳහෙළීමට කටයුතු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka