gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඔමි‍ක්‍රෝන් ‍මර්දනය වෙනුවෙන්ම අලුත් එන්නතක්!

කොරෝනා වෛරසයේ ඔමි‍ක්‍රෝන් ‍ප්‍රභේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මාධ්‍ය වාර්තා සදහන් කරන්​නේ, මාර්තු මාසයේදි ඒම නව එන්නත නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි.

සෙසු කොරෝනා වෛරස ප්‍රභේදයන්ට සාපෙක්ෂව මෘදු රෝග ලක්ෂණ පැවතියත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හමුවේ මෙම පියවර ගත් බව ෆයිසර් සමාගම පවසයි. මෙම නව එන්නත් මාත්‍රා මිලියන 100ක් පළමු අදියර ලෙස නිෂ්පාදනය කිරීමට සැලසුම් සකසා ඇති බව සදහන්.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පවසන්නේ දැනට ලබා දෙන කොරෝනා මර්දන එන්නත් මගින් ද සාධාරණ ආරක්ෂාවක් සපයන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka