තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා.
නිදහස් දින උත්සවයක්
එම පක්ෂය පෙබරවාරි 4 වැනිදාට අඩව්වක් ඇල්ලීමට සූදානමින් සිටින බව ආරංචි ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ එදිනට නව පක්ෂය යටතේ ජාතික නිදහස් උත්සවය සැමරීමට.
එම උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල පැවැත්වීමට මේ වන විටත් තීරණය කර තිබෙනවා.
මන්ත්‍රීවරු රැසකගේ සහභාගිත්වය
ඒ සඳහා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.
මීට පෙර හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති බණ්ඩාරනායක සමරු දින උත්සවයකටද ආණ්ඩුව නියෝජනය කරන විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම සුසිල් ප්‍රේම් ජයන්ත් , අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි සහ සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වේල්ගම යන මන්ත්‍රීවරුන් සහභාගි වුණා.
තව දින හයකින් චන්ද්‍රිකා හා වෙල්ගමගෙන් අඩව්වක්!
2022-01-30T07:56:00+05:30
Gossip Lanka Hot News





