gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මයික්‍රෝ කාර් කළ මගඩියක් ගැන ජනපතිට හා අගමැතිට පැමිණිලි

මෙරට ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන මයික්‍රෝ කාර් සමාගම විසින් සිදු කර ඇතැයි කියන මූල්‍ය වංචා සිද්ධීන් පිළිබඳ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. වාහන නිෂ්පාදනය කර ලබා දෙන පොරොන්දුව සහ ගිවිසුම්ගතව පාරිභෝගිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති අදාළ සමාගම, නියමිත කාල සීමාව ඉක්මවා ගියද නිෂ්පාදනය කළ වාහන ලබා නොදී වංචා කළ බවට එලෙස පැමිණිලි කර තිබේ.

දින නියමයෙන් තොරව වාහන මෙරටට ගෙන්වීම නවතා ඇති හෙයින් රට තුළ තිබෙන නව වාහනවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එලෙස වාහන මිල ඉහළ ගොස් තිබෙන නිසා අදාළ වාහන නිෂ්පාදන සමාගම ගිවිසුම් කඩ කරමින් තමන් විසින් අත්තිකාරම් මුදල් ගෙවූ වාහන ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවට ශෂිකා ධානියා ගෝමස් නැමැත්තිය විසින් පැමිණිලි අංක CAA/CCU/1482/2021/746 යටතේ පාර්භෝගික අධිකාරියට පැමිණිල්ලක් සිදුකර තිබෙ

මේ වන විට තම සමාගම සතුව ගිවිසුම් ගත වූ වාහන නොමැති බවට සාවද්‍ය තොරතුරු පවසමින් අදාළ වාහන නිෂ්පාදන සමාගම කටයුතු කරන බවද පාරිභෝගිකයින් දන්වා ඇති බව "අරුණ" පුවත්පත වාර්තා කර තිබේ.

මේ සිද්ධීන් සමබන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා මෙන්ම මයික්‍රෝ කාර් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අසේල ලිහිනිකඩුව මහතා අප දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර, ඔහු ගැටලුව විමසීමෙන් පසුව තමා සාකච්ඡාවක සිටින බවත්, පසුව ඇමතුමක් දී පැහැඳිලි කිරීමක් සිදුකරන බවට පොරොන්දු වෙමින් දුරකථනය විසන්ධි කළේය.

කෙසේවුවද, අදාල ඇමතුම ලබාදෙන බවට පොරොන්දුවී සතියකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහුගෙන් මෙතෙක් දුරකථන ඇමතුමක් නොලැබිණි.

කෙසේවුවද, පසුගිය රාජපක්ෂ සමයේදී මයික්‍රෝ කාර් සමාගමට අනුබද්ධ Euro Sports සමාගම විසින් ලැම්බෝගිනි කාර් රථ තුනක් තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට ද චෝදනාවක් එල්ලවී තිබිණි.




එකළ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වීඩියෝ වාර්තාවක් පහත දැක්වේ.

-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka