ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි චීන ජාතිකයන් ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ උගුලේ පැටළුණු හොරණ ප්‍රදේශයේ තරුණියක අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චීන ගණිකා ව්‍යාපාරය පිළිබඳ විමර්ශන සඳහා හොරණ ප්‍රදේශයට යන විටත් එම තරුණිය අතුරුදහන්ව ඇති බව ඉහළ පෙළේ ආරංචි කියයි.
එම තරුණිය ජාවාරමට සම්බන්ධ චීන ජාතිකයා විසින් සැඟවූවා ද නැතිනම් වෙනත් බලපෑමකට සැඟවූවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ද පැවසේ.
එවැනි තරුණයන් දස දෙනකු ගැන ලද තොරතුරු ඔස්සේ විමර්ශනය අරඹන ලෙස පොලිස්පතිවරයා මීට පෙර නියෝග කර තිබිණි.
මූලාශ්‍රය - අරුණ