බැසිල්ගේ සහන පැකේජයට මුදල් අච්චු ගැසීමෙන් අධි උද්ධමනයක්…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 229 ක අති විශාල සහන පැකේජය ලබා දීමට මුදල් අච්චු ගැසීමක් සිදුකළහොත් වැළැක්විය නොහැකි දැවැන්ත උද්ධමනයක් අනාගතයේ දී ඇති වනු ඇතැයි ශ‍්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.
මෙම සහන පැකේජය ආර්ථික ක්‍රියාමාර්ගයකට වඩාත් දේශපාලන තීරණයක් බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.
මෙම සහන පැකේජ මෙරට නිෂ්පාදනයට බද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කළා නම් එවැනි ආකාරයේ උද්ධමනයක් ඇති නොවුන බව ද ඔහු පැවසීය.
මෙතරම් ප්‍රබල ඩොලර් අර්බුදයක් රට තුළ ඇති වූ පළමු අවස්ථාව මෙය ලෙස හැඳින්විය හැකි බවද කී ඔහු මුදල් අච්චු ගසනවා නම් එය සිදු කළ යුත්තේ රටේ උද්ධමනය ඇතිවුන ආකාරයෙන් බවද තවදුරටත් කියා සිටියේය.
බැසිල්ගේ සහන පැකේජයට මුදල් අච්චු ගැසීමෙන් අධි උද්ධමනයක්…
2022-01-07T11:34:00+05:30
Gossip Lanka Hot News





