gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රන්ජන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි!

සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් ඇත.
ඒ අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහාය. බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රැගෙන ආ අතර, මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිරගත කළේ මීට වසරකට පෙරදීය.

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනක දී සිදුකළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka