තෙල් නැව් 2කට සල්ලි ගෙවනවා! කරන්ට් කැපිල්ලක් නෑ! ජනපති එක්ක සාකච්ජාවකින් පසු ලොකුගේ සහතික වෙයි!
ජනාධිපතිවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරියේ දි විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
මේ අතර, ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියේ ය.
මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.
තෙල් නැව් 2කට සල්ලි ගෙවනවා! කරන්ට් කැපිල්ලක් නෑ! ජනපති එක්ක සාකච්ජාවකින් පසු ලොකුගේ සහතික වෙයි!
2022-01-24T15:44:00+05:30
Gossip Lanka Hot News




