gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නොවැම්බර් 11%ට තිබ්බ උද්ධමනය දෙසැම්බර්වල 14%ට නැගලා! නවතින තැනක් හිතාගන්න බැරිවෙයි!

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 14 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 11.1 ක් විය.

මේ උද්ධමනය වැඩිවීම සදහා පසුගිය දෙසැම්බර් මාසයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන් වැඩිවීම හේතුවී තිබේ. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 සිට ඉකුත් දෙසැම්බර් මාසයේදී සියයට 21.5 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2021 නොවැම්බර් මාසයේදී පැවැති සියයට 6.2 සිට ඉකුත් දෙසැම්බර් මාසයේදී සියයට 7.6 දක්වා ද ඉහළ ගොස් ඇත.

විශේෂයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ඇති එළවළු වර්ග, සහල් සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka