gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් ඇමරිකාව වෙනුවෙන් අවි දරන්න බැඳී සිටින බව හෙළි කෙරෙයි

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නැතැයි සඳහන් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ලසිල් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 7 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අද (12) නොතීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.

මෙම පෙත්සම කැඳවූ ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටීම නිසා එලෙස නියම කළ විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය

පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වමින් ඇමරිකාවේ හා ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි පැවසීය.

එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහු බැදී සිටින බව ද එවැනි පුද්ගලයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව ද පැවසූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවත් ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම අමාත්‍ය වරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට නොහැකි බවට බාධා පමුණුවා තිබුණේ 19 වන සංශෝධනය මගින් බවත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එලෙස පනවා තිබූ බාධාව ඉවත් කර ඇතැයිද පැවසීය .

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා චන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයිද මේ වන විට ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා වශයෙන් පත් කර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම තුළ ප්‍රමානවත් නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක් ද කළේය .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන මස 7 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka