සුළං සහ සූර්ය බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට?
මන්නාරමේ සුළං සහ සූර්ය බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට පැවැරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අදාළ බලාගාරයට ටෙන්ඩර් යෝජනා කැඳවීමට ඊට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණ ද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා එය ‘අදානි සමාගමට’ පැවරීමට යන බව ඔහු අවධාරණය කරයි.
විශේෂයෙන් ම ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට යෑම වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන ඉල්ලන දේ දීමට සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි.
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ ගිවිසුම 2003 දී අත්සන් කළ ද එය බලාත්මක කරන බදු ගිවිසුම ගසා ඇත්තේ ඉන්දියානු ඔයිල් සමාගමට තෙල් ටැංකි භාවිත කිරීමට නීත්‍යනුකූල අයිතියක් නො මැති ලෙස බවත් නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් පෙන්වා දෙයි.
-srilankamirror
සුළං සහ සූර්ය බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට?
2022-01-07T13:30:00+05:30
Gossip Lanka Hot News





