සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට.. විශාල සහල් හිගයක්…
රුපියල් තුන් සියයක් දක්වා සහල් කිලෝවක් ඉදිරියේදී මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි.
ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.
ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීමේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදී.
සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට.. විශාල සහල් හිගයක්…
2022-01-07T11:32:00+05:30
Gossip Lanka Hot News





