gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාරක් විවෘත කරන්න ආපු වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිට තරුණයෝ පිරිසක් පහර දීලා! ගැහුවා කියලා පැමිණිලි කර පස්සේ අස්කරගෙන!

වරකාපොල ප්‍රාදේශීය සභාව විසින් ඇත්නාවල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයක් පසුගිය 02දා විවෘත කිරීමට පැමිණි වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය මහතා හට ප්‍රදේශයේ තරුණයින් විසින් පහරදී ඇති බව වාර්තා වේ.

මෙහිදී සභාපතිවරයාට තරුණයින් විසින් පහරදී ඇති බවත්, කිලෝමීටයක පමණ දුරක් දිවගොස් සභාපතිවරයා ඔවුන්ගෙන් මිදී ඇති බවත් වාර්තා වේ.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතාද සහභාගී වී සිටි අතර ඔහුගේ ආරක්ෂකයින් විසින් ඔහුව එම ස්ථානයෙන් ආරක්ෂා සහිතව රැගෙනගොස් තිබේ.

තරුණයින් විසින් මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් සකස්කරන ලද නාමපුවරුවද කඩා විනාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‌සභාපතිවරයා විසින් වරකාපොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පසුව සිද්ධිය සමතයකට පත් කර ගැනීමේ අරමුණින් පැමිණිල්ල ඉවත් කරගෙන ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka