gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල් රාජපක්‍ෂ අගමැති ධුරයට..

ශ්‍රී ලංකාවේ නව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. වසර මුලදී ‍ප‍්‍රධාන පෙළේ කැබිනට් සංශෝධනයක් සිදු කරනු ඇති අතර අඩුම තරමින් අමාත්‍යංශ හයක්වත් මෙසේ සංශෝධන වනු ඇති බවද එම පුවත වාර්තා කර ඇත.

ඇතැම් රාජ්‍ය අමාත්‍යංශවලට වැඩි වගකීම පැවරෙණු ඇති අතර ඒවා යටතේ පවතින ආයතන හා විෂයයන් වෙනස් වනු ඇත.

ජනාධිපති ලේකම්වරයා ඇතුළු පරිපාලන ප‍්‍රධානීන් විශාල පිරිසක්ද මේ සමග වෙනස් කිරීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවයි.

මෙරට ඇති අදහස් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කරමින් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවද ඔහු සඳහන් කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka