gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බේබදු පියා තම දරුවන් නිරුවත් කර, ගස් බැද පහර දී මිරිස් කුඩු දමයි…

වයස අවු 6 ක පුතා සහ අවු 7 දියණිය ගසක බැද ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියා හැටන් පොලිසිය මගින් (02) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන වද හිංසාවට ලක් වු ළමුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

හැටන් කුඩාගම සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර , සැකකරු බිමට ඇබ්බැහි වු අයෙකු බවත්,බිමත්ව නිවසට ගොස් බිරිදට පහර දි දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කෘර ලෙස වද හිංස පමුණවන බවයි හැටන් කුඩාගම ප්‍රදේශවාසින් විසින් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනාව සැකකාර පියා (02) දින නිවස අසල පිහිටි වෙලදසැලකට යවා ඇති අවස්තාවේ දරුවන් දෙදෙනා පියා විසින් ලබාගෙන එමට පැවසු දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා ඇත.

වද හිංසාවට පමුණ වු දරුවන් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් (02) දින රාත්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම මෙවැනි ආකාරයට බිරිදට පහර දිම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසා පමුණවිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට අවස්තා කිහිපයකදි අවවාද කර පැමිණිල්ල සම්බන්ධයෙන් සමථයකට පත් වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

තම සැමියාගේ වද හිංසා විද දරාගත නොහැකි බිරිද විසින් සැමියාගෙන් වෙන් විමට දික්කසාද නඩුවක්ද ගොනු කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

එම පවුලේ දරුවන් අවු 4 , 6 , 7 ,8 පසුවන අය වෙති.

එම පවුල දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ජිවත් වන අය බවත්, ඔහුන් පදිංචි නිවසද පහසුකම් අඩු බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු (03) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දරුවන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka