gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යොහානිට දුන්න ඉඩමේ වටිනාකම කෝටි 4යි !

ගායිකා යොහානි ද සිල්වාට කැබිනට් මණ්ඩලතීරණයක් වශයෙන් රජයෙන් ලබාදුන් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ පිහිටි ඉඩමේ වෙළඳ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ හා ඉඩම් ලියාපදිංචි කිරීමේ

දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම ප්‍රදේශයේ ඉඩම් පර්චසයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ හතලිහ ඉක්මවා ඇති බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඇයට කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව පර්චස් 9.68ක ඉඩමක් අනුමත වී ඇත.

එම ඉඩම පිහිටා ඇත්තේ 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන් ඉඩම් කොටස්වලට යාබදව බව ඒ සම්බන්ධයෙන් වූ කැබිනට්ම ණ්ඩල තීරණයේ සඳහන් වේ.

ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තියක් අත්කර දීම ඇගැයීම වශයෙන් ඇයට මෙම ඉඩම ලබාදීමේ හේතුව වශයෙන් එහි සඳහන් කර ඇත.

දෙසැම්බර් 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka