gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"එකම බූරු කුට්ටම අනල ප්‍රශ්න විසඳන්න බැහැ"

කැබිනට් සංශෝධනයකින් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, එකම බූරු කුට්ටමේ කාඩ් මෙම කැබිනට් සෙල්ලමේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. මේ මොහොතේ කැබිනට් සංශෝධනයක් ගැන මාතෘකාවක් කරළියට ගෙනෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනත් අතකට යොමු කිරීමට බවද ඔහු පෙන්වා දෙයි.

ඒ නිසා මෙම ප්‍රධාන කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන්නැයි ආරාධනා කරන බවද, ප්‍රධාන ලේකම්වරයා ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම තට්ටුමාරු දේශපාලන නැවැත්විය යුතු කාලයට අප එළැඹ ඇතැයි ජනතාව ඉතා පැහැදිලිවම අවබෝධ කරගෙන ඇති බවත් ආණ්ඩුව පෙන්වන ආකාරයට මෙම අර්බුදය ඇතිවී තිබෙන්නේ ස්වාභාවික ආකාරයකට නොවන අතර මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලන් කෑ අර්බුදයක් බවත් ඔහු පවසයි.

මේ වනවිට ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු අධික මිල ගණන්වලට අලෙවි වන අතර කෘෂිකර්මාන්තය බිඳවැටුණේ ද ස්වාභාවික ආපදාවක් නිසා නොවන බව ඔහු පෙන්වා දෙයි.

රටේ ඇති වී තිබෙන මෙම අර්බුදය නිසා ජනතාව විලාප තබන බවත් ආණ්ඩුව සිදු වූ වැරැදි හදා ගන්නට කිසිදු සූදානමක් නොමැති බවත් ඔහු ඊයේ (2දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කීය.

මූලාශ්‍රය - මව්බිම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka