gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිමල් ඉල්ලූ 240 බැසිල් දෙන්න බෑ කියයි; රටවිරුවන්ට හුප්පේ

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකටම රුපියල් 240 ක් ගෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරමින් කම්කරු අමාත්‍යවරයා පවසා ඇත්තේ ඩොලරයට හිමි නිසි වටිනාකම ලබා නොදෙන නිසා, විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම සදහා උණ්ඩියල් ක්‍රමය වැනි අවිධිමත් අනීතික ක්‍රම වෙත යොමුව ඇති බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන සෑම ඩොලරයටකම රුපියල් 240 ක මිලක් ලබා දෙන්නේ නම්, එය, රට මේ මොහොතේ මුහුණ දී සිටින ඩොලර් හිගයට විසදුමක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේවුවද, එයට විරෝධය දක්වා ඇති මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්නේ ඉතා සීමිත පිරිසක් බැවින් එසේ කළ යුතු නැති බවයි.

දැනට බැංකු විසින් ඩොලරයක් සදහා ගෙවනු ලබන්නේ රුපියල් 202 ක පමණ මුදලකි.

ඊට තවත් රුපියල් 10 ක් එකතු කිරීමට පසුගිය දා මහබැංකුව තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් කළුකඩයේ ඩොලරයක් අලෙවි වන්නේ රුපියල් 250 කට ආසන්න මුදලකට බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka