gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමැතිකමින් පන්නපු සුසිල්ව පොහොට්ටුවෙනුත් පන්නන්න ලෑස්ති වෙයි! හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්?

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කොට ඇත්තේ ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පක්ෂ අභ්‍යන්තරයෙන් තමන්ට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් පැමිණ ඇති බවකි.

ඒ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගත යුතු බවද කාරියවසම් මහතා ප්‍රකාශ කොට ඇත.

කෙසේවෙතත් මධ්‍යම කාරක සභාව රැස්වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka