බැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රී
අද වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බියගම කර්මාන්ත ශාලාවේ නො නවත්වා මුදල් අච්චු ගසමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
රුපියල් ඇති තරම් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් එසේ මුද්‍රණය කළ නොහැකි බව ඔහු පැවසීය.
අද වන විට ආර්ථික අර්බුදය මූලික කරගෙන තවත් අර්බුද ගණනාවකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද හෙතෙම සදහන් කලේය.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්මන් රජයේ නිසි කළමනාකරණයක් නොමැතිකම බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
බැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රී
2022-01-06T15:47:00+05:30
Gossip Lanka Hot News





