gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති කියන්නේ බොරු.. ඔහු යටතේ ඩොලර් බිලියන පහක් ණය අරන්…

තම පාලන කාලයේ සතයක්වත් ණය අරන් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය. මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල ආසන්නයෙන් ඩොලර් මිලියන 5000කට ආසන්න ණය විදේශ රටවලින්, ඒ වගේම ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තියෙනවා. ඒ වගේම එතුමා මේ පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ඒ කියන්නෙ ගත්ත ණය ආපසු ගෙවන්න විශේෂයෙන්ම 2021 වර්ෂයේ ගෙවපු විදේශ ණය වලින් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ යුගයේ ගත්ත ණය තමයි ගෙව්වෙ. ඒ ණය ගෙවීම සඳහා අති විශාල වන්දියක් මේ රටේ ජනතාව ගෙවා.

වෙන අය නම් කියන්නෙ ණය ගත්තහම රට උගස් කරනවා කියලා. එතුමා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය උගස් කළා. අද ජනතාවට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.

පොහොර, තෙල් ආදිය රටට ගෙන්වන්නෙ නැතුව ඒවා ඉතිරි කරගත්ත සල්ලි වලින් ණය ගෙවපු නිසා අද රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟ හේතුවත් ඖෂධ ගෙන්වන්නෙ නැතුව රටේ ණය ගෙවන්න ගිය නිසා ඒ වගේම දැන් ඇතිවෙලා තියෙනවා තෙල් හිඟය, ගෑස් හිඟය, විදුලි බල කප්පාදුව. ඒවටත් හේතුව ණය ගෙවන්න සල්ලි පාවිච්චි කරලා තෙල් ගේන්න, ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න සල්ලි නැති හින්දා.

ඉතිං ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය කියන තුනම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙව්වෙ. ඊට අමතරව ඩොලර් මිලියන් 5000ක්. විශේෂයෙන්ම අර අවසාන කාලයේදි අපේ මහ බැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 1.5 ත් එක්ක ඩොලර් මිලියන 5000ක පමණ ණය 2020-21 වසරවල අරන් තියෙනවා.

– media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka