gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් දෙන්න නම් ඩොලර් බිලියන 4ක් ඕනෑ! වාහන ගෙදර තියන්න වෙයිද? ජනපති හදිසි සාකච්ජාවක් කැඳවයි!

2021 වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාල ප්‍රධාන ආයතනවල ඉහළ නිලධාරීන් කැඳවා තිබින.

මහ බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව, මුදල් හා බලශක්ති අමාත්‍යාංශ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) යන ආයතනවල නිලධාරීන් මෙම රැස්වීම පැවැත්වී ඇත.

ප්‍රවාහන හා විදුලිබල යන අංශ දෙකටම අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථමයෙන් මුදල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්විණි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් අවශ්‍ය ප්‍රමාණයන් විස්තර කර ඇති අතර අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම සඳහා නැව්ගත කිරීම් 88 ක් අවශ්‍ය වන බව පෙන්වා දී ඇත.

ඒ අනුව මසකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 150,000ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් අවශ්‍ය වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙවසා ඇත.

ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමට අමතරව ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක අවශ්‍යතාව පැන නැගී ඇත.

මේ අතර ඉදිරි මාස දෙක සඳහා ඉන්ධන සැපයීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහ බැංකුව වෙතින් ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන සැපයීම සඳහා ගෙවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

‘ඉන්ධන ආනයන සඳහා ගෙවනු ලබන්නේ අපේක්ෂිත වෙළඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම සහ සංචාරක ලැබීම් සහ ප්‍රේෂණ ඇතුළත් අනෙකුත් අපේක්ෂිත ගලා ඒම් මගිනි. රජයට සහ මහ බැංකුවට දැන් සැලසුම් සහගත ප්‍රවේශයක් ඇති බැවින්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගල් අඟුරු, ගෑස් සහ පොහොර ඇතුළු සියලුම ප්‍රමුඛ ආනයන සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීම සඳහා අපි මුදල් ප්‍රවාහ කළමනාකරණය කරන්නෙමු’

ජනතාවගේ ණය , විදේශ සංචාර සහ අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා වියදම් සැලකිල්ලට ගනිමින් සමස්ත මුදල් පිටතට ගලායාම ද සැලකිල්ලට ගැනේ.

රටේ විදේශ අංශයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අනිවාර්ය අංගයක් වන හුවමාරු විධිවිධාන සහ ව්‍යාපෘති සහ සාමාන්‍ය ණය ද ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මේ සම්බන්ධ වර්ධනය වන තත්වයන් සලකමින් ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) ඩීසල් සැපයීම තීරණය කරන බව CPC සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka