gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දගෙන් යොහානිට බත්තරමුල්ලෙන් පර්චස් 10ක්!

"මැණිකේ මගේ හිතේ" ප්‍රති නිර්මාණ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත්, යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මීට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි "ලංකාදීප" වාර්තා කර තිබේ.

නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින්, ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර,1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇති බවද පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka