ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත අකර්මණය කිරීමට කටයුතු කරමින් සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය වේදනාකාරී සිදුවීමක් බව පෙන්වා දෙයි. එමෙන්ම ඉකුත් ආණ්ඩුව සමයේ ගත් ජනතාවාදී තීන්දු තීරණ රැසක් වත්මන් ආණ්ඩුව ආපසු හරවමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
උදාහරණයක් ලෙස 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධින කොමිෂන් සභා, අල්ලස් දූෂණ කොමිසම, තොරතුරු දැනගැනීමේ පනත ආදිය ඒ අතර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තම රජයට ජාත්‍යන්තර සහාය ලැබුණේ ඒ හේතුව මත බවද කියා සිටියේය.