gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්ද‍්‍රව්‍ය ජාවාරමට හා උණ්ඩියෙල් ජාවාරමට සම්බන්ධ ඇමතිවරයෙක්…- මහ බැංකු අධිපති

උන්ඩියල් මුදල් ජාවාරම කරගෙන යාමට ඉඩ දිය යුතු යයි එක්තරා ඇමතිවරයෙක් කියා ඇති බවත් එහි තේරුම එම ඇමතිවරයාද ඒ ජාවාරමට සම්බන්ධ වීම විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කර ඇත.

‘මේ මුදල් රට තුළට ඇවිත් නැහැ කියන එක තමයි මම කිව්වේ. වෙන තැනකින් ජාවාරම්කරුවන් විසින් මේ මුදල් අරගෙන තියෙනවා. ඒ මුදල්වලට සමාන්තරව රට තුළ මුදල් ගෙවීමක් සිදු කරලා තියෙනවා. රට තුළට විදේශ විනිමය නොපැමිණ, මේ තරම් විශාල මුදලක් රට තුළින් ගෙවන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා හිතනකොට මේ කාරණය පැහැදිලි වෙනවා. සාමාන්‍ය ව්‍යාපාරයක් හරහා මෙතරම් මුදලක් හුවමාරු වෙන්නේ නැහැ.

ඩොලර් මිලියන තුන්සීයක් වෙනුවෙන් ඩොලරයකට රුපියල් දෙසීය හතළිහ බැගින් ගෙව්වත් රුපියල් කෝටි හත්දාස් දෙසීයක් උත්පාදනය කරන්න පුළුවන් එකම ව්‍යාපාරය තමයි මත්ද්‍රව්‍ය. මම දැක්කා එක ඇමැතිවරයෙක් කියනවා මේක කරගෙන යන්න ඉඩදෙන්න ඕනේ කියලා. ඒකෙන් තේරෙන්නේ එයත් මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා. නැති නම් ඒකට උපකාර කරනවා’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka